nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Sunday, November 24, 2019


අපගේ සේවාව ලබා ගන්නා හිතෛෂි මව්පියන් බොහෝ දෙනෙකු, නාමය සැකසීමට පෙර ඒ පිළිබඳ මා හා (නාම කතුවරයා හා) සාකච්ඡා කළ යුතු බව පවසයි. සැබවින්ම මව්පියන්ගේ ඉල්ලීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාධාරණ බව පිළිගනිමි. එමනිසාම, මව්පියන්ගේ ඉල්ලීමද ඉටු කළ හැකි සාධාරණ මඟක් සිතුවෙමි. 

මා යාවජීව වශයෙන්, බිළිඳු නාමකරණය හා ලේඛණ වෘත්තිය තුළම නියැලී සිටින්නෙකු බැවින්, සෑමවිටම නිහඞ සමාධිමත් මනසක් ඊට අවැසි කරයි. එහිදී දුරකථන නාදය / දුරකථන සංවාද යනු එම නිහඞ සමාධිමත් මනස බිඳ දමන්නකි. එමනිසාම, දුරකථනය අක්‍රිය කර තබන්නට බොහෝ විට මා හට සිදුවේ. එමනිසා, මව්පියන් හා දුරකථනයෙන් සාකච්ඡා කිරීමට ඇති මඟ ඇහැරී යයි. නමුත් අප දෙපාර්ශවය අතර සන්නිවේදනය, හුදු දුරකථන සංවාදයටම ලඝු විය යුතු නැතැයි සිතමි. 

අද වන විට, ෆේස්බුක් ගිණුමක් නැති අයෙකු සොයා ගැනීම පවා දුෂ්කර කරුණකි. එසේම ෆේස්බුක් යනු, අවදානම හඳුනාගෙන, ස්වයං වාරණයක් ඇතිව පරිහරණය කළ විට, කදිම, වේගවත්, යාවත්කාලීන තොරතුරු මාධ්‍යයකි. ෆේස්බුක් හරහා, අති දැවැන්ත, සමාජ සංවාදයක් ගොඩ නැඟී ඇත. එය නිසි නියාමනයක් ඔස්සේ මෙහෙයවිය හැකි කෙනෙකුට ඉන් කදිම ඵල ප්‍රයෝජන ලබා ගත හැකි ය.

ලේඛණ කාර්යයේ නිරතව සිටින අතරතුර, ඔබ හා දුරකථනයෙන් කතාබහ කිරීම, මා හට හිරිහැරයක් වුවද, ෆේස්බුක් පිළිසඳරක් (FB Chat) ඔස්සේ ඔබ හා සංවාදශීලී වීම, කිසිදු ආකාරකින්, මාගේ කටයුත්තට බාධාවක් නොවේ. 

පරිගණකයේ යතුරු පුවරුව මත නිරන්තරයෙන් දුවන ඇඟිලි තුඩු ඔබ වෙනුවෙන් වැඩිපුර වෙහෙසවීම, මගේ ලේඛණ සමාධියට බාධාවක්ද නොවේ. එබැවින්, මා පෙන්වා දෙන කරුණ කෙරෙහිද කරුණාවෙන් බැලිය හැකි, හිතෛෂි මව්පියන්ට, තමන් කැමැති ඕනෑම වේලාවක, මා හා ෆේස්බුක් පිළිසඳරක් (FB Chat) ඔස්සේ, තම දරුවාගේ නම සකස් කළ යුතු ආකාරය ගැන, අවශ්‍ය තරම් සාකච්ඡා කළ හැක. නාමය පිළිබඳ සියලු ඉල්ලීම්, සියලු දැනුවත්කිරීම් සෘජුවම මා වෙත ඉදිරිපත් කළ හැක. 

නාමය සකස් කිරීමට පෙර, මව්පියන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. මන්දයත්, එක් එක් මවිපියන් නාමය පිළිබඳ විවිධ අදහස් දරන හෙයිනි. එමනිසා මව්පියන්ගේ අදහස් විමසීමකින් තොරව සකසන නාමයන්, ඇතැම්විට මව්පියන්ගේ සිතුම් හා නොපෑහෙන අවස්ථා අප දැක ඇත. එයින් මව්පියන්ටද, නාමය හිමිවන දරුවාටද යම් හිංසාවක්, අසාධාරණයක් සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

සන්නිවේදනය යනු සියලු ප්‍රශ්න විසඳා ගැනීමට ඇති පහසුම මඟයි. නාමය සැකසීම පිළිබඳ මව්පිය අදහස් හුවමාරුවට මෙතෙක් පැවැති බාධාව, ෆේස්බුක් පිළිසඳර ඔස්සේ සිදු කරන සජීව සංවාදය තුළින්, බොහෝ දුරට මඟ හැරී යනු ඇත.

කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන මව්පියන්ටද, තමාගේ රාජකාරිවලට බාධාවක් නොවන පරිදි, දවසේ පහසු වෙලාවක, මා හා පිළිසඳරට පැමිණිය හැක. දවසෙන් වැඩි කාලයක්, පරිගණකය අසළම ගෙවෙන නිසා, ඔබ හා සාකච්ඡාවට මා හට ද අමුතු කාලයක් වුවමනා නොවේ. (විශේෂ හේතුවකට බැහැර ගිය අවස්ථාවක හැර) 

තමා දරුවාටම වෙන් වූ, අනන්‍ය, දුර්ලභ, අර්ථවත් නාමයක් සොයා වෙහෙසෙන මව්පියන් හට, නාමය සැකසීමට පෙර, ෆේස්බුක් ඔස්සේ මොහොතක් මා හා සංවාදශීලිවීම, නිසැකවම, සිය අරමුණ මුදුන් පමුණුවා ගැනීමට අතිශයින් ඉවහල් වනු ඇත. 

මෙම සබැඳිය ඔස්සේ ඔබට, මාගේ ෆේස්බුක් ගිණුම හා සම්බන්ධ විය හැකි අතර, ඊට සම්බන්ධ වී, ඔබේ පණිවුඩය inbox කිරීමෙන්, සංවාදය ඇරඹිය හැක. 


නලිඳු සැපත් 
නාම කර්තෘ 
ඉෂ්ඨාර්ථ බිළිඳුු නාම 



No comments:

Post a Comment