nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Saturday, July 9, 2016

මව්පියන් වෙත දයාබර ඉල්ලීමක් ......


නම් තැබීම යනු දරුවෙකුගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකි. වර්තමාන කාර්යබහුල ජීවිත ගත කරන ඇතැම් මව්පියන්ටතමා දරුවාගේ නම් තැබීම වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට නොහැකි වීමට ඉඩ ඇත. එහෙත් දරුවාගේ නාමය සැකසීම සඳහා නිසි ප්‍රමාණවත් අවධානයක් යොමු කළ හැකි නම් වඩාත් වටී.

එක් එක් මව්පියන්ගේ රුචිකත්වයන් විවිධ ය. කෙනෙකු කැමැති ආකාරයේ නමකට තවත් අයෙකු අකැමැති විය හැකි ය. කෙනෙකු තමාගේ දරුවාට පැරණි තාලයේ නාමයක් බලාපොරොත්තු වන විට, තව අයෙකු බටහිර උරුවට ඇසෙන නව තාලයේ නාමයක් අපේක්ෂා කරනවා විය හැකි ය. (එක් දිනක් අපගෙන් සේවාව ලබාගත් මහත්මයෙකු තමාගේ දියණිය සඳහා නාමයක් ඉල්ලන විට පවසා සිටියේ, අපට නෙතුකි වගේ සරල නමක් නම් එපා යන්නයි. එදිනම සේවාව ලබාගත් තවත් මහත්මයෙකු අප සමඟ පැවසුවේ, අපට ඕන නෙතුකි වගේ සරල නමක් යන්නයි). එබැවින් එක් එක් මව්පියන්ගේ පුද්ගලික සිතැඟි අභිලාෂය තේරුම් නොගෙන නාමයන් සැකසීම, ඵල විරහිත බව අපි අත්දැකීමෙන් දනිමු.

නාමකරණය යනු නාමයන් සැකසීමයි. එය දැනටමත් සාදා ඇති භාණ්ඩයක් කඩෙන් මිළ දී ගැනීම වැන්නක් නොවිය යුතු ය.  එය දරුවාටම අනන්‍ය විය යුතු ය. එබැවින් එය අලුතින් නිර්මාණය කරන්නක් විය යුතු ය.  භාෂා ඥානය හා නිරුක්ති ඥානය යන දෙඅංශයේම එකතුවෙන්, පෙර නොවූ විරූ නාමයන් නිර්මාණය කළ හැකි ය.අපගේ වෑයම, ඔබට වඩාත් තෘප්තිමත් සේවාවක් ලබා දීමයි. අපගේ අරමුණ ඔබේ දරුවාටම ආවේණිකඅද කාලයට ඔබින, අලංකාර අරුත්බර නාමයක් සකසා දීමයි. ඒ සඳහා වැඩි වෙහෙසක් දැරීමට අප සූදානම්.

අප වෙතින් සේවාව අයදුම් කිරීමේදීඔබට වඩාත් සාධාරණ හා ඵලදායක සේවාවක් සැපයීමට පහත අවශ්‍යතා සම්පූර්ණ විය යුතු බව ඉතා කාරුණිකව ඔබ වෙත මතක් කරමු.

1. අප විසින් දක්වා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කර එවීම 

2. ඔබට අවශ්‍ය නාමය පිළිබඳ ප්‍රමාණවත් පැහැදිලි කිරිමක් අප වෙත ලබා දීම. (එහිදී ඔබ කැමැති යම් ආදර්ශ නාමයක් (model name) ඔබට ඇසුණු ඔබේ සිත බැඳගත් නාමයක් /මෙවැනි නාමයක් හෝ මීට ආසන්න නාමයක් යනුවෙන් පෙන්වා දිය හැකි නිදසුන් නාමයක් ඇත්නම් එය අප වෙත දන්වීමඔබේ රුචිකත්වය වටහා ගැනීමට අපට ඉවහල් වේ.)

3. නාම පත්‍රය සැකසීම සඳහා ප්‍රමාණවත් කාලයක්  ලබා දීම. (නාම පත්‍රය සැකසීම කිසියම් නිර්මාණාත්මක කාර්යයක් බැවින් ඊට සරිලන ප්‍රමාණවත් කාලයක් තිබිය යුතු  ය. වැඩි කාලයක් ලබාදීමෙන් වඩාත් හොඳ සේවාවක් ලබාදිය හැකි බව අපි  අත්දැකීමෙන් දනිමු.)

4. අවශ්‍ය වුවහොත් නාම පත්‍රය සැකසීමට පෙර ඒ පිළිබඳ වැඩිදුරටත් සාකාච්ඡා කිරීම 

අප වෙත ඇමතුමක් ලබා දීමෙන් අපගේ සේවාවන් පිළිබඳ ඔබට දැනුවත් විය හැක. නැතහොත්, srilankababynames@gmail.com ඊමේල් ලිපිනයට, ඔබගේ නම, දරුවා උපන් රට කුමක්ද යන්න සඳහන් ඊමේල් පණිවිඩයක් යොමු කිරීමෙන්අපගේ සේවාවන් පිළිබඳ විමසිය හැකි ය.

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : 0766 892 683
0719 075 444 (Viber /WhatsApp)  / Land : 0112 172 511
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ... 



No comments:

Post a Comment