nnn

nnn

Official site

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

SRI LANKA BABY NAMES

SRI LANKA BABY NAMES

ISHTARTHA BABY NAMES

ISHTARTHA BABY NAMES

බබාට නමක්

ශ්‍රී ලාංකිකයෙකු වන ඔබ, ලෝකයේ කොතැනක සිටියත්, මව් බසින්, සිය දරු සිඟිත්තාට නම් තබන්න. අභිමානවත් හෙළයන්ගේ බස වූ සිංහල බසින්,මව් දේශයේ සුවඳ සිහිවීමට, ඔබේ අලුත උපන් දරුවාට අරුත්බර, අලංකාර සිංහල නමක් තබන්න.

ශ්‍රී ලාංකික හෙළ නාමකරණයේ නව පරිච්ඡේදය අත් විඳීමට, අප හා එක්වන්න....

ලොව කොතැනක සිටියත්, අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : +94 766 892 683
0719 075 444 (Viber /WhatsApp)
srilankababynames@gmail.com

අංක 102/08, මත්තේගෛාඩ, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම
හොඳම නම ඔබේ දරුවාට ......

Namak Gena Yamak

Saturday, July 9, 2016

දුර්ලභ නාමයක් ලබා ගත හැකි මග ……


ඔබේ දරුවාටම අනන්‍ය, දුර්ලභ නාමයක් නිර්මාණය කර දීම ....

දරුවන්ට නම් තැබීම පිළිබඳ දිනපතා අප වෙත විවිධාකාර ඉල්ලීම් ලැබෙයි. නම් තැබීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දරති. කෙසේ වුවද සෑම අයෙක්ම පොදුවේ එකඟවන එක් කරුණක් ඇත. එනම්, තමාගේ දරුවාටම පමණක් ආවේණික අලංකාර හා අරුත්බර නාමයක් පැවතිය යුතුය යන්නයි.

ඇතැමෙක්ට, තමාගේ දරුවාගේ නාමය කෙසේ සකස් විය යුතුද යන්න පිළිබඳ පැහැදිලි චිත්‍රයක් නොපවතී. ඒ නිසාම තමාට අවශ්‍ය ආකාරයේ නාමයක් සකසා ගත නොහැකිව ලතැවෙන්නටද, නිකරුණේ මුදල් වැය කර ගන්නටද, ඔවුනට සිදු වේ. එහෙත් ඇතැමෙක්, තමාගේ දරුවාගේ නාමය මෙසේ සකස් විය යුතු යැයි නිශ්චිත වශයෙන් දැක්වීමට සමත් වෙති. එවන් මව්පියන්ට ඔවුන්ගේ අවශ්‍යතාව ප්‍රකාරව, ඔවුන්ට ඉහළින්ම තෘප්තියට පත් විය හැකි ආකාරයේ සාර්ථක නාමයන් සකසා දීමට හැකි වූ බව,  ගෙවුණු කාලය තුළ අප අත් දැක ඇති සත්‍යයයි. 

දරුවාට නම් තැබීම පිළිබඳ සියලු මව්පියෝ එකම අදහසක් නොදරති. කෙනෙක් සිංහල සම්ප්‍රදායට නැඹුරු, සාහිත්‍යාත්මක, සෞන්දර්යාත්මක නාමයක් ඉල්ලා සිටින විට, තවත් කෙනෙක් ඉල්ලා සිටින්නේ, සරලව උච්චාරණය කළ හැකි,  කෙටි, ඉංග්‍රීසියට නැඹුරු නාමයකි.  එසේම එක් එක් මව්පියන්ගේ දැන උගත්කම් අනුවද, සමාජ තරාතිරම අනුවද, ඔවුනොවුන්ගේ පුද්ගලික රුචි අරුචිකම් අනුවද, වෘත්තීන් අනුවද, ඔවුනොවුන් ඉල්ලා සිටින නාමයන්ගේ පැහැදිලි විවිධත්වයක්, පරස්පරතාවක් දැකිය හැක. එබැවින් දරුවන්ට නම් තැබීමේදී, සියලු දෙනා උදෙසා එකම ආකාරයේ රටාවක් අනුගමනය කිරීම ඵලදායක නොවේ. සාධාරණ නොවේ.
ඇත්තෙන්ම දරුවෙකුට නාමයක් සැකසිය යුත්තේ බොහෝ සාධක සැලකිල්ලට ගෙන ය. අතීතයේදී දරුවෙකුට නම් තැබීම යනු, සතර වරිගයේ ඥාතින් කැඳවා මහත් උත්සවාකාරයෙන් සිදු කළ චාරිත්‍රයකි. මහ බෝසත් කුමරුට නම් තැබීමේ උළෙල ඊට කදිම නිදසුනකි.

වර්තමානය වන විට, දරුවාට නම් තැබීමේ කටයුත්ත පිළිබඳ එතරම් ඉහළ වටිනාකමක් හිමි වී නැතද, බොහෝ දෙමව්පියන් තවමත් දරුවාට අර්ථවත් නාමයක් තැබීම පිළිබඳ උත්සුක වෙති. එය වුවද සතුටට කරුණකි. ශබ්දයට පමණක් වහල් වූ නම් කෑල්ලක්තබනවා වෙනුවට, කිසියම් යහපත් අර්ථයක් සහිත නාමයක් දරුවාට හිමි කර දීම තුළින්, කුඩා කල සිටම ඔහු හෝ ඇය තුළ යහපත් අදහසක් වර්ධනය කළ හැකි වෙයි.  සාර්ථක නාමයක් පුද්ගලයාව නියාමනය කිරීමට සමත් වෙයි. ඇතැම් සුරතල් සතුන්ටද විවිධාකාර නාමයන්ගෙන් අමතයි. නමුත් එම සතුන්ට එම නාමයේ අර්ථය සංජානනය නොවෙයි. උන්ට එය හුදෙක් හඳුනාගැනීමේ ශබ්ද මාත්‍රයක් පමණි. නමුත් මිනිසුන්ගේ නාමයන් එසේ විය යුතු නැත. ශබ්දය ඉක්මවා ගිය අර්ථයක් සංජානනය කර ගැනීමට මිනිසාට හැකි ය.

කෙසේ වුවද, දරුවාගේ නාමය පිළිබඳ ඒ ඒ මව්පියන් දරන්නේ කුමන මතයක්දැයි යන්න විමසීම, අපගේ සේවාව වඩාත් කාර්යක්ෂම ආකාරයෙන් ඔබ වෙත සැපයීමට ගන්නා වූ වෑයමකි. අප ඔබගෙන් අය කර ගන්නා මුදලට සරිලන ඉහළම සේවාවක් ඔබ වෙත සැපයීම, වඩාත් සාර්ථක නාම පත්‍රයක් ඔබ වෙත සැපයීමඅපගේ අභිප්‍රායයි.

ඒ උදෙසා, දරුවාට නාමයක් සොයමින් අප වෙත පැමිණෙන, ඔබ වෙතද පැවරෙන කිසියම් කාර්යයක් ඇත. ඔබ අපගේ සේවාව ලබා ගැනීමෙන් පසු, අප විසින් ඉල්ලා සිටින තොරතුරු නිසි ආකාරයෙන්, නොපමාව අප වෙත සැපයීමට කටයුතු යෙදීමයි. ඔබගේ අවශ්‍යතාව නිසි ආකාරයෙන් සපුරාදීමට එය ඉතා ඉවහල් වන්නකි. තමාගේ දරුවාට අනන්‍ය විශේෂ නාමයක් සකසා ගැනීමට අපේක්ෂා කරන මව්පියන් හට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් යෙදවිය හැකිවනු ඇතැයි සිතමු. 

එසේ නොමැතිනම්, අපගේ පළපුරුද්දට අනුව, අපගේ නාමකරණ ප්‍රාගුණ්‍යයට අනුව, දරුවාගේ ජන්ම අක්ෂරවලට අනුකූලව, අර්ථවත් නිරුක්ති පිහිටුවමින්, අලුතින් නිර්මාණය කරන්නා වූ නව තාලයේ නාමයන් අතුරින් සුදුසු නාමයක්, ඔබේ දරුවා වෙනුවෙන් තෝරා ගත හැකි නම්, එයද ගැටළුවක් නොවේ. 

කෙසේ වුවද තීරණය ඔබ සතු ය. තමාගේ පින් මහිමයෙන් ලද ආදරණීය දරු සිඟිත්තාට කෙබඳු ආකාරයේ නාමයක් තැබිය යුතුදැයි, පැහැදිලි හා නිශ්චිත අදහසක්, ඔබ තුළ ඇති පමණට, ඔබේ සිතුම් හා සසැඳ‍ෙන, සාර්ථක හා පරිපූර්ණ නාමයක් අප වෙතින් ලබා ගත හැකි ය.  අප වෙත ඇමතීමෙන් හෝ, srilankababynames@gmail.com ලිපිනයට, ඊමේල් පණිවුඩයක් යොමු කිරීම මඟින්අපගේ සේවාවන් පිළිබඳ ඔබට දැනුවත් විය හැකි ය. 

ලොව කොතැනක සිටියත්අපගේ සේවාව විශ්වාසයෙන් ඔබ වෙත ...

Hot Line : 0766 892 683
0719 075 444 (Viber /WhatsApp)  / Land : 0112 172 511
srilankababynames@gmail.com

අංක 102 / 08. මත්තේගොඩ පාර, පොල්ගස්ඕවිට

ඉෂ්ඨාර්ථ බිළිඳු නාම

හොඳම නම ඔබේ දරුවාට ......

No comments:

Post a Comment